කැරළිකාර එක්දහස් නමසිය දහනමයේ අපේ‍්‍රල් මාසයේදී මරණ බියෙන් පසුවන සාමාන්‍ය මිනිහා නින්දෙන් අවදිව දෙනෙත් පිසදා ගනිමින් තම කුඩා නිවසේ කවුළුව හරිමින්, චකිතයකින් යුතුව, තමාට කලින් නැගිට සිටි තම අසල්වැසියාගෙන් විමසීය.
”අව්තනොම් පෙත්‍රොවිච්, අද අප නගරයේ බලය කා අතේද?”
අව්තනොම් පෙත්‍රොවිච් තම කලිසම හදා ගනිමින් බියෙන් වටපිට බලමින් පිළිතුරු දුන්නේය..
”අව්තනොම් පෙත්‍රොවිච්, අද අප නගරයේ බලය කා අතේද?”
අව්තනොම් පෙත්‍රොවිච් තම කලිසම හදා ගනිමින් බියෙන් වටපිට බලමින් පිළිතුරු දුන්නේය..
”අපනාස් කිරිලවිච් දන්නේ නැහැ. ඊයේ ? කාගේදෝ හමුදාවක් ආවා. මොනවද වෙන්නේ කියලා බලමු. යුදෙව්වන් කොල්ල කනවා නම් ඒ කියන්නේ පෙත්ල්යූරා ගේ හමුදාව ඇතුල්වෙලයි කියලයි. සහෝදරයෝ ඇවිල්ලා නම් එකපාරටම කතාබහ අනුව දැනගන්න පුළුවන්. දැන් ඉතිං මමත් හොඳට වටපිට බලනවා. කාගේ පින්තූරය එල්ලන්ට ඕන ද කියලා. එහෙම නැත්නම් දන්නවද?
ගෙරාසින් ලියොන්සියෙවිච්ට වෙච්ච දේ මටත් වෙන්න පුළුවනි. මිනිහා වැඩිපුර කල්පනා නොකර ලෙනින්ගේ පින්තූරයක් එල්ලූවා. ඔන්න, මිනිහාගේ ගෙදරටම ආවා අසරු භටයෝ තුන්දෙනෙක්. උන් පෙත්ල්යූරාගේ මිනිස්සු. පින්තූරය දැක්කා විතරයි, ගෙරාසින් අල්ලා ගත්තා. ” මිනිහට කස පහරවල් විස්සක් ගැහුවා. ‘තෝ දන්නවාද බොල බැල්ලිගේ පුතා, කොමියුනිස්ට්කාර ජඩයා, තොගේ හම ගලවනවා.’කියලා උන් ගෙරාසින්ට බැන්නා. ඒ මිනිහා කොච්චර සමාව ඉල්ලා සිටියාද. හරි ගියේ නැහැ.”
මහ මඟට බට අවිගත් සෙබළ කණ්ඩායම් දුටු සාමාන්‍ය මිනිහා කවුළු දොර වසා සැඟවුණේය. දසාව හොඳ නැහැ.
පෙත්ල්යූරාගේ පල්හොරු කණ්ඩායම්වල කහ - නිල් කොඩිය දෙස කම්කරුවෝ සැඟවුණ ද්වේශයකින් යුතුව බැලූහ. අන්ත ජාතිකවාදී ප‍්‍රවාහය ඉදිරියේ හැඟීම් බෙලහීන විය. එය යළි ඵල ලැබ නැඟී සිටියේ සෑම පෙදෙසකින්ම පසුබසින නිල් සහ කහ පැහැති කොඩි රැගත් පල් හොරුන්ට එදිරිව දැඩි සටන් කොට තියුණු තුඩක් සේ නගරයට කඩාවදින රතු සේනාංක නිසාය. දවසක් දෙකක් නගර සභාවට ඉහළින් රතු කොඩිය ලෙළදිනි. වරෙක නගරයෙන් පිටත්ව යන එය ඇඳිරි වු විට ආපසු ආවේය.
**************
අව්තනොම් පෙත්‍රොවිච් තම අසල්වැසියා වන ගෙරාසින් ලියොන්සියෙවිච් ගේ දොරට තට්ටු කළේය. තවම ඇඳ නොගත් ඔහු හරින ලද දොරින් බැලීය..”මොනවා වුණාද? ” සටන් කිරීමට මෙන් දිගු කොට අල්ලා ගත් තුවක්කුව ඇතිව මඟ ඔස්සේ ගමන් ගත් රතු සෙබළුන් පෙන්වු අව්තනොම් පෙත්‍රොවිච් තම අසල්වැසියන් දෙස බලා ඉඟි මැරීය.”පිටවෙලා යනවා”ගෙරාසින් ලියොන්සියෙවිච් ඔහු දෙස කණස්සල්ලකින් යුතුව බැලීය..”පෝලන්ත හමුදාවල ලකුණ මොකක්ද කියලා තමුසේ දන්නේ නැති ද?.””එක ඔළුවක් ඇති රාජාලියා වෙන්නට ඕන.””ඒක කොහෙන් හොයා ගන්නද?” අව්තනොම් පෙත්‍රොවිච් කෝපයෙන් හිස කැසීය.”උන්ට කමක් නැහැ.” මඳ වේලාවක් කල්පනා කළ ඔහු පැවසීය.”ගත්තා, ගියා. නගරයේ ඉන්න අපිට සිද්ධ වෙනවා අලූත් පාලකයින්ට ගැලපෙන විදිහට වැඩ කරන්නේ කොහොමද කියලා හිතට වද දමින් කල්පනා කරන්න”.
(උපුටා ගත්තේ නිකලොයි ඔස්ත්‍රොස්ව්ස්කිගේ වානේ පන්නරය ලැබු හැටි පොතේ 74,75, හා 164,165 පිටු වලිනි.)
No comments:
Post a Comment